මේක නම් වැදගත් වෙන්නේ මැජන්ටෝ ගැන දන්න අයට සහ දැනටමත් ඒකෙන් වැඩ කරන අයට. මැජන්ටෝ පාවිච්චි කරද්දි තියෙන අවුලක් තමා අපි ලෝක අමාරුවෙන් තියෙන ෆයිල් එඩිට් කරලා සයිට් එක හැදුවට මොකද මැජන්ටෝ එකපාරක් අප්ඩේට් කරපු ගමන් ඔක්කොම ආයි මුල ඉඳන් හදන්න වෙන එක. ඉතින් මේකට පොඩි පිලියමක් මැජන්ටෝ වලම තියෙනවා. ඒක තමා මේ local කියන ෆෝල්ඩර් එක. මම මේක ගැන දිගට විස්තර කරන්නේ නැතුව කෙලින්ම මාතෘකාවට බහින්නම්.
සාමාන්‍යෙයන් මැජන්ටෝ වල Install එකේම Page layout කිහිපයක් සපයලා තියෙනවා
- Empty page
- 2 Columns with left
- 2 Columns with right
- 3 Columns
මේවා තමා මැජන්ටෝ වලින් අපිට කෙලින්ම දෙන Page layouts ඉතින් මේවා මැජන්ටෝවල කිහිප තැනක පාවිච්චි වෙන නිසා මේවා වෙනස් කරන එක ටිකක් අන්තරාදායක වැඩක් හොඳම වැඩේ තමා අළුත් එකක් හදලා දාන එක. අළුතෙන් පිටුවක් හදන එක ඉතින් CSS සහ HTML දැනුම මගින් කරන්න ඕනි වැඩක් නිසාත් මම ඒක කියන්න ගියොත් වෙනම පැත්තකට යන නිසාත් මම කෙලින්ම වැඩේ කරන හැටි කියන්නම්.
1. මුලින්ම කරන්න තියෙන්නේ අපි හදන්න යන Page layout එක
app/design/frontend/default/දැනට active theme එක/template/pageකියන තැන සේව් කරන්න ඕනි. දැනට ඔබ මැජන්ටෝ පාවිච්චි කරනවානම් page extension එක එහෙම දන්නවා ඇතිනේ.
2. දැන් app/code/core/Mage/Page/etc කියන තැන තියෙන config.xml file එක අරන් ගිහින් app/code/local/Mage/Page/etc කියන තැනට කොපි කරන්න. ආ local Folder එක හිස් නම් ඒක ඇතුලේ ඔය තියෙන File Structure එක හදාගන්නත් වෙයි.
3. දැන් අර local Folder එකට කොපි කරගත්තු xml ෆයිල් එක edit කරන්න තමා තියෙන්නේ. මේකෙදි මම තව උපකල්පනයකට එනවා ඔබට xml මූලික දැනුමක් තියෙනවා කියලා. දැන් xml File එක ඇතුලේ
දැන් ඒක හරි මෙතන වැදගත් දේවල් විදිහට layout එකේ නමයි හරියට page name එකයි දෙන එක වැදගත් වෙනවා. දැන් අපි local එකට config file එක දැම්මට මදිනේ ඒක එතන තියෙනවා කියලත් කියන්න වෙනවා.page/pageName.phtml handleName
ඒකට කරන්න ඕනි app/etc/modules/Mage_All.xml කියන file එක විවෘත කරගෙන ඒකෙ 41 - 47 අතර වගේ තියෙන
මේ කොටස හොයාගන්න වෙනවා ඒකෙ තියෙනtrue core
core කියන tag එකlocal කියලා වෙනස් කරන්න තියෙන්නේ
වැඩේ ඉවරයි. මැජන්ටෝ දන්නවානම් මේ වගේ ගැටළුවක් ඇවිල්ලා තිබුනොත් ප්‍රයෝජනවත් වෙන්න ඉඩ තියෙනවා කියලා හිතලා දැම්මේ.






0 අදහස්:
Post a Comment