බොහොමයක් අපේ programming ගැන ලිපි ලියන bloggersලාට වැදගත් වෙන syntax highlighter එකක් blog එකට දාන්නෙ කොහොමද කියල තමයි මම අද කියන්න යන්නෙ..
අපි blogger site එකට log වුනාම මුලින්ම අපිට පේන්නෙ Dashboard එකනෙ ඒකෙ Edit Layout කියන link එකට ගියාම අපිට පහත පිටුව පෙන්නනවා..
ඒකෙ Edit html කියන link එකෙන් අපිට අපේ Template එකට අදාල html code ටික පෙන්නනවා.ඔතන Expand Widget Templates කියන check box එකට හරියක් දැම්මම සියළු widget වල html code ටික අපිට ලබාගන්න පුළුවන්..
ඒ එකේ පහලම කෙලවරට ගිහින් </body> ටැග් එකට උඩින් පහල code එක paste කරන්න..
ඊට පස්සෙ පහල තියෙන තැඹිලි පාට save template button එක ඔබන්න.. එතනින් මූලික වැඩ ටික ඉවර වෙනවා දැන් තියෙන්නෙ බ්ලොග් එකට code එක දාන එක.. ඒකත් හරිම ලේසි වැඩක්. අපි දාන්න හදන code එක පහළ පිළිවෙලට දාන්නයි තියෙන්නෙ.
මේක මෙහෙම කරන්නෙ ඇයි කියන එක මම තව සටහනකට ඉතුරු කරලා අදට නවතින්නම්..
ජය..
<pre class="python" name="code"> මෙතනට අදාල code එක ලියන්න </pre>class="python" කියන එකේ "python" යන නම වෙනුවට අපි එක යොදන එක යොදන්න උදාහරණයකට අපි එකතු කරන්නේ php code එකක් "php" නම් කියලා යොදන්න වෙනවා.. පහළ තියෙන ඕනිම එකකට අපිට මේක යොදාගන්න පුළුවන්..
- Delphi වලට "delphi"
- Php වලට "php"
- JScript වලට "jscript"
- Python වලට "python"
- Xml වලට "xml"
- CSharp වලට "csharp"
මේක මෙහෙම කරන්නෙ ඇයි කියන එක මම තව සටහනකට ඉතුරු කරලා අදට නවතින්නම්..
ජය..






4 අදහස්:
ඉතාම වැදගත් දෙයක්. කිව්වට ස්තුතියි
මමත් ලිව්ව ඕක ගැන, ගොඩක් ප්‍රයෝජනවත් එකක් තමයි.
බ්ලොග් එකට Syntax Highlighter එකක් දාගමු
ෙබාෙහොම ස්තුතියි. ෙගාඩක් වැදගත් ෙදයක්.
බොහොම ස්තුතියි මචං. මම පන යනකන් කෝඩ් දාන්න දඟලපු කාලෙ ඉවරයි.
Post a Comment