Test title

Test post.

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

Magento අළුත් Page Layout එකක් එකතු කරන්නේ මෙහෙමයි.

මේක නම් වැදගත් වෙන්නේ මැජන්ටෝ ගැන දන්න අයට සහ දැනටමත් ඒකෙන් වැඩ කරන අයට. මැජන්ටෝ පාවිච්චි කරද්දි තියෙන අවුලක් තමා අපි ලෝක අමාරුවෙන් තියෙන ෆයිල් එඩිට් කරලා සයිට් එක හැදුවට මොකද මැජන්ටෝ එකපාරක් අප්ඩේට් කරපු ගමන් ඔක්කොම ආයි මුල ඉඳන් හදන්න වෙන එක. ඉතින් මේකට පොඩි පිලියමක් මැජන්ටෝ වලම තියෙනවා. ඒක තමා මේ local කියන ෆෝල්ඩර් එක. මම මේක ගැන දිගට විස්තර කරන්නේ නැතුව කෙලින්ම මාතෘකාවට බහින්නම්.
සාමාන්‍යෙයන් මැජන්ටෝ වල Install එකේම Page layout කිහිපයක් සපයලා තියෙනවා

  1. Empty page
  2. 2 Columns with left
  3. 2 Columns with right
  4. 3 Columns

මේවා තමා මැජන්ටෝ වලින් අපිට කෙලින්ම දෙන Page layouts ඉතින් මේවා මැජන්ටෝවල කිහිප තැනක පාවිච්චි වෙන නිසා මේවා වෙනස් කරන එක ටිකක් අන්තරාදායක වැඩක් හොඳම වැඩේ තමා අළුත් එකක් හදලා දාන එක. අළුතෙන් පිටුවක් හදන එක ඉතින් CSS සහ HTML දැනුම මගින් කරන්න ඕනි වැඩක් නිසාත් මම ඒක කියන්න ගියොත් වෙනම පැත්තකට යන නිසාත් මම කෙලින්ම වැඩේ කරන හැටි කියන්නම්.
1. මුලින්ම කරන්න තියෙන්නේ අපි හදන්න යන Page layout එක
app/design/frontend/default/දැනට active theme එක/template/page
කියන තැන සේව් කරන්න ඕනි. දැනට ඔබ මැජන්ටෝ පාවිච්චි කරනවානම් page extension එක එහෙම දන්නවා ඇතිනේ.

2. දැන්  app/code/core/Mage/Page/etc කියන තැන තියෙන config.xml file එක අරන් ගිහින් app/code/local/Mage/Page/etc කියන තැනට කොපි කරන්න. ආ local Folder එක හිස් නම් ඒක ඇතුලේ ඔය තියෙන File Structure එක හදාගන්නත් වෙයි.

3. දැන් අර local Folder එකට කොපි කරගත්තු xml ෆයිල් එක edit කරන්න තමා තියෙන්නේ. මේකෙදි මම තව උපකල්පනයකට එනවා ඔබට xml මූලික දැනුමක් තියෙනවා කියලා. දැන් xml File එක ඇතුලේ කියලා tag එකක් ඇති. අපි අපේ page layout එක දෙන්න ඕනි ඒ ටැග් එක ඇතුලට 


                    
                    
                    handleName
                
දැන් ඒක හරි මෙතන වැදගත් දේවල් විදිහට layout එකේ නමයි හරියට page name එකයි දෙන එක වැදගත් වෙනවා. දැන් අපි local එකට config file එක දැම්මට මදිනේ ඒක එතන තියෙනවා කියලත් කියන්න වෙනවා.

ඒකට කරන්න ඕනි app/etc/modules/Mage_All.xml කියන file එක විවෘත කරගෙන ඒකෙ 41 - 47 අතර වගේ තියෙන

            true
            core 
            
                
            
        
මේ කොටස හොයාගන්න වෙනවා ඒකෙ තියෙන
core කියන tag එක local
 කියලා වෙනස් කරන්න තියෙන්නේ 

වැඩේ ඉවරයි. මැජන්ටෝ දන්නවානම් මේ වගේ ගැටළුවක් ඇවිල්ලා තිබුනොත් ප්‍රයෝජනවත් වෙන්න ඉඩ තියෙනවා කියලා හිතලා දැම්මේ.

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

නැවත මෙහෙයුම් පද්ධතිය ඇතුලත් කිරීමකින් තොරව භාෂාව මාරු කරමු.. [Windows Home Premium]

කරුමෙකට වාසියකටද මන්දා මම පාවිච්චි කරපු උබුන්ටුවෙන් අයින් වෙලා මට Windows පාවිච්චි කරන්න වුනා. ඉතින් මේ ළඟදි මම පොඩි අළුත් වැඩක් කලා. මගේ මිතුරියක්ට ලැබුනා ලැප්ටොප් එකක්. ඒත් ඒකෙ පොඩි අවුලක් තිබුනා ඒකෙ ඉතාලි භාෂාවේ Windows එකක් තමා තිබුනේ. ඒ කියන්නේ හැම දේම තිබුනේ ඉතාලි භාෂාවෙන්. කරන්න තිබුන දේ පැහැදිලියිනේ. කරන්න තිබුනේ ඒක ඉංග්‍රිසියට හරවන්න. මේක බැලු බැල්මට පේන්නේ සරල වැඩක් කියලා නමුත් හොයලා බලද්දි මට පොඩි අවුලක් තේරුණා. මේ ලැප්ටොප් එකේ තියෙන්නේ Windows Home Premium එකක්. නමුත් භාෂාවක කෙලින්ම මාරු කිරීමේ පහසුකම මේ මෙහෙයුම් පද්ධතියෙන් ලබාදෙන්නේ නෑ. හැමෝම කියන්නේ Windows 7 Ultimate මෙහෙයුම් පද්ධතියකට update කරන්න කියලා.

දැන් යන හැටියට වැඩේ කරන්න ක්‍රම දෙකක් තියෙනවා. 
  1. නැවත අළුතෙන් ඉංග්‍රිසි Home Premium මෙහෙයුම් පද්ධතියක් දාන එක. 
  2. තියෙන එක මොකක් හරි කරලා වෙනස් කරන එක.
අළුතෙන් දාන එක කොහොමත් කරන්න පුළුවන් නිසා මම ට්‍රයි කලේ දෙවනි ක්‍රමයට. මොකද දෙවනි ක්‍රමය වැරදුනත් කොහොමත් පලවෙනි ක්‍රමයට යන්න වෙන නිසා. ඉතින් අත ගැහුවා දෙවනි ක්‍රමයට. 

වැඩේ ටිකක් අංජබජල් කොහේවත් මේක කරන තැනක් නෑ. තැන් තුන හතරක ඒවා එකතු කරලා යන්තම් තමා වැඩේ ගොඩ දාගත්තේ. වැඩේ කරන්නේ මෙහෙමයි. 

මුලින්ම අවශ්‍ය භාෂාව සහිත Language MUI එක මෙතනින් බාගත කරගන්න. (මම මේක කලේ Windows 7 මෙහෙයුම් පද්ධතියකින් නිසා අනික් ඒවා ගැන කියන්න දන්නේ නෑ. ඒත් පොතේ හැටියට වැඩ කරන්න ඕනි.)  දෙවනි වැඩේ තියෙන්නේ අදාල භාෂාව පරිගණකය තුලට ස්ථාපනය කිරීමට Vistalizator මෘදුකාංගය මේ නියැදියෙන් ලබා ගන්න ඕනි.

දැන් කරන්නේ තියෙන්නේ හරිම සරල වැඩක්. Vistalizator මෘදුකාංගය ධාවනය කර Add language කියන බොත්තම ඔබලා ඔබ බාගත කරපු Language MUI එක එතනට ලබා දීලා වැඩේ අවසන් කරන්න. දැන් විනාඩි දහයක් විතර වැඩේ වෙන්න ගතවෙනවා. පස්සේ පරිගණකය Restart කලාම වැඩ කරන්න ඕනි.

දැන් තියෙන්නේ විශේෂ කරුණු ටික.

Vistalizator එක වැඩ කලේ නැත්නම් ගොනුව මත Right Click කර Properties වලට ගිහිල්ලා  ඒකෙ තියෙන Compatibility tab එකට ගිහින් ඒකෙ තියෙන "Run this Program in Compatibility mode for" කියන එකට tick එකක් දාලා එකෙ එන drop down එකෙන් Windows 7 තෝරලා වැඩේ ඉවර කරන්න.

පොඩි Error Messages දෙක තුනක් එනවා. ඒ එන්නේ සමහර තැන් වෙනස් කරන්න බෑ කියලා. උදාහරණයකට ගත්තොත් පටන් ගන්නකොටම එන Starting Windows කියන එක සහ Help කොටස මේක අවසන් වුනාමත් තියෙන්නේ පරණ භාෂාවෙන්මයි. ඒ දෙකට තමා ඔය Errors දෙක එන්නේ. ඉතින් ඒවා සලකන්නේ නැතුව වැඩේ කරගෙන යන්න.

Vistalizator එකේ පොඩි Install Language බොත්තම එබුවාම විවෘත වෙන Dialog box ප්‍රධාන Table එකේ Internal හේ Express කියලා දෙකෙන් එකක් එක කොලමක තියෙනවා. ඒක මත Click කිරීමෙන් හෝ Double Click කිරීමෙන් අදාල Install Method එක සකස් කරන්න පුළුවන්. මම වැඩේ කලේ Express කියන එක මගින්. ඒක වැඩකලේ නැත්නම් Internal එක උත්සාහ කරලා බලන්න.

අමුතුවෙන් Restart කරන්න දෙයක් නෑ. භාෂාව ඇතුලත් වුනාට පස්සේ Vistalizator එකෙන්ම Message එකක් එනවා.

පලි:
Screen Shot ටිකක් එක්ක වැඩේ කියාදුන්නානම් වඩාත් පැහැදිලි වෙන්න පුළුවන් ඒත් මේක නැවත සිදුකිරීමට මට වෙන භාෂාවක් මගේ පරගණකයට දාන්න වෙනවා. ඒක අමුතු කරදරයක් නිසා Screen Shot නැතුව තමා පැහැදිලි කලේ. 

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS